ව්‍යාජ ලේඛණ සකසා ළමුන් පාසලට දැමූ ග්‍රාම නිලධාරි අත්අඩංගුවට

ව්‍යාජ ලේඛණ සකස් කර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතර මැදි පන්තිවලට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙයියන්නේවෙල වසමේ ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ලෙසද කටයුතු කළ අයෙක් බවටයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

මෙම ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරමින් සිටිය දී සැකකරු නීතීඥයෙකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බාලිකා විදුහලේ අතර මැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛණ සකස් කිරීම සහ එම වරදට ආධාර අනුබල දීම යන චෝදනා සැකකරුට එල්ල වී ඇති බව සඳහන්.

පදිංචි සහතික ලබාදීම සඳහා ග්‍රාම නිලධාරිවරයා වෙත නිකුත් කර තිබූ පොතකින් කොලයක් ඔහු විසින් සෙංකඩගල ග්‍රාම නිලධාරිවරයා වෙත ලබා දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය කූඨ ලේඛණ සකස් කර ළමුන් ඇතුළත් කිරීමේ සිද්ධියට මොහුගේ සම්බන්ධයක් ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

සැකකාර ග්‍රාම නිලධාරිවරයා වසර පහක කාලයකට විදේශ ගතවීම සඳහා වැටුප් රහිත නිවාඩු ඉල්ලා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබී ඇති අතර මේ සම්බන්ධ කරුණු අනාවරණය වීමෙන් පසු පොලිසිය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කර ඔහුට විදේශ ගත වීමට නොහැකි වන සේ තහනම් නියෝගයක් ද ලබා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා තම ලිපි ශීර්ෂ, නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වන හේමන්ත ප්‍රේමතිලක මහතා මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලකින් පසු විමර්ශන ආරම්භ වී තිබුණා.

මීට අමතරව වසර 2018-2021 අතර කාලයේදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්‍රේණිවලට තවත් ළමුන් 180 දෙනෙකු නියමිත ක්‍රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මගින් අනාවරණය කිරීමත් සමඟ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39