වසා දැමූ නිවසක මළ සිරුරක්

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ වසා දමා තිබු නිවසක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ (23) සොයාගත් බව මල්ලාවි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ 28 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස හමුවී ඇති බවයි.

වසා දමා ඇති නිවස ආසන්නයේ අසල්වැසියන්ගේ දැනුම්දීමක් මත කළ සොයා බැලීමකදී යි පොලිසිය මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට මූලිකව නිරීක්ෂණය වන අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුලතිව් රෝහලට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?