වසා දැමීමට සූදානම් බව කියූ පාසලක් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

මට්ටක්කුලිය තොටවත්ත මෙතෝදිස්ත විදුහල වසා දැමීමේ සූදානමක් පිළිබඳ පළවූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කොළඹ උතුර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සහ අදාළ විදුහලේ විදුහල්පති යන පාර්ශවයන් කැඳවා කරුණු විමසූ බවයි කොමිසම නිවේදනය කළේ.

එම කරුණු විමසීමේදී අනාවරණ වී ඇත්තේ සිසුන් සංඛ්‍යාව අවම මට්ටමක පැවතිය ද සිසුන්ගේ අධ්‍යාපන හිමිකම් සුරක්ෂිත කිරීමට බස්නාහිර අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

කිසිදු බාධාවකින් තොරව මේවන විට මෙම පාසලේ සිසුන්ට පාසල තුළම තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩකඩ පවතින අතර පාසල වසා දැමීම සඳහා කිසිදු සූදානමක් නොමැති බවයි නිලධාරීන් දැනුම්දී ඇත්තේ.

මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් තොටවත්ත මෙතෝදිස්ත විද්‍යාලය වෙත ගොස් දරුවන් අධ්‍යාපනය ලබන ආකාරය සහ පවතින පහසුකම් සම්බන්ධයෙන් ද සොයාබලා තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකර ගැනීමට අවශ්‍ය වන මැදිහත්වීම සිදුකිරීමත් ඊට සම්බන්ධ පාර්ශවයන් හඳුනා ගැනීමත් එම ක්ෂේත්‍ර චාරිකාවේ අරමුණයි.

දරුවන්ගේ දෛනික පැමිණීම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන මැදිහත්වීම් සහ ඊට අදාළ වන්නා වූ පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව එහිදී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පාසලේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමටත් මෙම පාසල බාධාවකින් තොරව මෙම ස්ථානයේ පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ මැදිහත්වීම් සම්බන්ධව අඛණ්ඩව සොයා බැලීමත් සිදුකරන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?