spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් තිදරු පියෙකු අතුරුදන්

වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද උදැසන අනතුරට ලක්වීමෙන් තිදරු පියෙකු අතුරුදන්ව තිබෙනවා.

එහිදී දිවි ගලවාගත් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පැවසීය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර උතුර , විලේගොඩ රෝසවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී නිශාන් සිල්වා නමැති 35 හැව්රිදි තිදරු පියෙකු බව පොලිසිය කීය.

අතුරුදන්ව ඇති පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග අද උදැසන 6.30 ට පමණ කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් ඇත.

එන්ජිමේ කාර්මික දෝෂයකට ලක්වී බෝට්ටුව පෙරලී ඇති අතර තිදෙනා බෝට්ටුවේ එල්ලී සිට ඇති අතර රළ පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය කීය.

දිවි ගලවාගත් දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?