වස්කඩුවේ කර්මාන්තශාලාවක ගින්නක්

වස්කඩුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක අද (අප්‍රේල් 22) උදෑසන ගින්නක් හටගෙන තිබේ.ලී පදම් කරන කර්මාන්තශාලාවක පිටුපස කොටසේ අද අඋදෑසන 6.00ට පමණ ගින්න හටගෙන ඇති බව ‘මව්බිම’ වෙබ් අඩවිය කළ විමසීමකදී කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.   කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදාගනිමින් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව කළුතර උතුර පොලිසිය ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කර ඇත.

පැය 2 කට අධික කාලයක් තුළ ඇතිවූ ගින්නෙන් කර්මාන්තශාලාවේ ලී විශාල තොගයක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති බවත් අප වාර්තාකරු සඳහන් කළේ ය.

පොලිසිය සඳහන් කළේ, ගින්නෙන් කිසිවෙකුටත් හානිවී නොමැති බවය.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, ලී පදම් කිරීමට යෙදූ ගිනි හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

සුමිත් රණවක – පොතුපිටිය maubima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09