වසර 40 කට වඩා වැඩි කාලයක් දළඳා පෙරහැරේ ගිය අලි ඇතුන්ට සම්මාන

වසර හතළිහකට වඩා වැඩි කාලයක් කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයට දායක වූ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා පිරිනැමීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී (07) සිදු කෙරුණා.

ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන්.

96ක් වන මෙරට හීලෑ අලි ඇතුන්ගෙන් අලි ඇතුන් හතළිස් හත්දෙනෙක් අවුරුදු හතළිහට වඩා වැඩි කාලයක් සංස්කෘතික මංගල්‍යයන්වලට එක්කළ හීලෑ අලි ඇතුන් වන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

ඒ, අනුව අද දිනයේ දී හීලෑ අලි ඇතුන් 27 දෙනෙක් මෙම සම්මාන පළඳනාවෙන් පිදුම් ලැබුවා.

සම්මාන ප්‍රදානය සංකේතවත් කරමින් වසර 55 කට අධික කාලයක් දළඳා පෙරහැර මංගල්‍යයට දායක වූ රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා ඇතාට පළමු සම්මානය පිරිනැමුණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?