Indian Premier League

වසර 32කට පෙර සිදු කළ ඝාතනයකට පුද්ගලයින් තිදෙනකුට මරණ දඬුවම

වසර 32කට පෙර පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් තිදෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද
ඔවුන් හට මරණ දඬුවම නියම කර තිබෙනවා.

තවත් පුද්ගලයකුට වසර 10ක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් නියම කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මීගමවත්ත ජනපදය, 5 කණුවේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනපාල ප්‍රනාන්දු නමැත්තා වර්ෂ 1992 ජනවාරි මස 15 හෝ ඊට ආසන්න දිනක නවුත්තුඩුව – කීරන්තිඩිය ප්‍රදේශයේ දී ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි සැකකරුවන්ට එරෙහි ව චෝදනා ගොනු කෙරුණේ.

3, 4 සහ 5 වන විත්තිකරුවන් වන වලගෙදර – පල්ලේගොඩ පදිංචි මල්මුතුගේ දයාරත්න නොහොත් ඔලිවර් , නවුත්තුඩුව – කීරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි අනගිපුර ආරියරත්න නොහොත් ලොක්කා, 5 කණුව – කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක ප්‍රනාන්දු නොහොත් ප්‍රේමතිලක ප්‍රනාන්දු නමැති පුද්ගලයන් හට මෙසේ මරණ දඬුවම හිමිවුණා.

1 වන විත්තිකරු වන බේරුවල – කාලවිල ප්‍රදේශයේ පදිංචි අනගිපුර ප්‍රේමතිලක නොහොත් රත්නා යන අයට වසර 10 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද; එකී වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවම් ද නියම කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

එකී නඩුවේ 2 වන විත්තිකරු පිළිකා රෝගයකින් මියගොස් ඇති බවටත් අධිකරණයේ දී අනාවරණය වුණා.

නවුත්තුඩුව – කීරන්තිඩිය ප්‍රදේශයේ දී පොලුමුගුරුවලින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කළා.

එච්. සී. 54/96 අංක යටතේයි නඩුව විභාගයට ගැනුණේ.

වසර 32කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු ව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර, විත්තිකරුවන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් ද කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?