වසර 32කට පෙර සිදු කළ ඝාතනයකට පුද්ගලයින් තිදෙනකුට මරණ දඬුවම

වසර 32කට පෙර පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් තිදෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද
ඔවුන් හට මරණ දඬුවම නියම කර තිබෙනවා.

තවත් පුද්ගලයකුට වසර 10ක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් නියම කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මීගමවත්ත ජනපදය, 5 කණුවේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනපාල ප්‍රනාන්දු නමැත්තා වර්ෂ 1992 ජනවාරි මස 15 හෝ ඊට ආසන්න දිනක නවුත්තුඩුව – කීරන්තිඩිය ප්‍රදේශයේ දී ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි සැකකරුවන්ට එරෙහි ව චෝදනා ගොනු කෙරුණේ.

3, 4 සහ 5 වන විත්තිකරුවන් වන වලගෙදර – පල්ලේගොඩ පදිංචි මල්මුතුගේ දයාරත්න නොහොත් ඔලිවර් , නවුත්තුඩුව – කීරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි අනගිපුර ආරියරත්න නොහොත් ලොක්කා, 5 කණුව – කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක ප්‍රනාන්දු නොහොත් ප්‍රේමතිලක ප්‍රනාන්දු නමැති පුද්ගලයන් හට මෙසේ මරණ දඬුවම හිමිවුණා.

1 වන විත්තිකරු වන බේරුවල – කාලවිල ප්‍රදේශයේ පදිංචි අනගිපුර ප්‍රේමතිලක නොහොත් රත්නා යන අයට වසර 10 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද; එකී වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවම් ද නියම කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

එකී නඩුවේ 2 වන විත්තිකරු පිළිකා රෝගයකින් මියගොස් ඇති බවටත් අධිකරණයේ දී අනාවරණය වුණා.

නවුත්තුඩුව – කීරන්තිඩිය ප්‍රදේශයේ දී පොලුමුගුරුවලින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කළා.

එච්. සී. 54/96 අංක යටතේයි නඩුව විභාගයට ගැනුණේ.

වසර 32කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු ව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර, විත්තිකරුවන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් ද කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25