වසර 20ක් හා වසර 25ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ මහින්දානන්ද හා නලින් වැලිකඩට (වීඩියෝ)

බරපතළ වැඩ සහිත ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග ලද හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන සැකකරුවන් ව අද (29) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවා.

ඒ අධිකරණ පරිශ්‍රයේ සිටයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබා දීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (29) නියෝග කළා.

නියෝගය මහාධිකරණ විනිසුරුවරුන් වන සභාපති විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශට පත් කළා.

නියෝගය ප්‍රකාශට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ කෙටුම්පත් පුවරු 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම ගොනු කර තිබුණා.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කළා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර මහින්දාන්නද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?