වසර 15ක් වැඩ නොකර පඩි අරන්

යම්කිසි පුද්ගලයකුට වසර 15ක් තිස්සේ නිකරුණේ වැටුප් ගෙවීමක් කළ හැකිද? වැටුපක් ලබන පුද්ගලයෙකුට දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක නිරත නොවී සිටිය හැකිද?

සේවයට වාර්තා කළත් ‘ගන්න පඩියට වැඩක් නොකර නිකම්ම කාලය කා දමා ගෙදර යන’ ඇතැම් නිලධාරීන් ගැන, ඇතැම් රටවල ජනතාවගෙන් නිතර දෙවේලේ චෝදනා මතු වීම අලුත් පුවතක් නොවේ.

නමුත් මෙම පුද්ගලයා වසර 15ක් තිස්සේ රාජකාරියට වාර්තා කිරීමක් හෝ සිදුකර නැතැයි පැවසේ. නමුත් වැටුප් ලබා ඇති බවට චෝදනා එල්ලවේ.

මෙම අපූරු පුවත වාර්තා වන්නේ ඉතාලියෙන්.

රෝහල් සේවකයෙකු ලෙස පත්වීම් ලබා සිටියදී රාජකාරියට වාර්තා කිරීමකින් තොරව පහළොස් වසරක් පුරා වැටුප් ලබා ඇතැයි මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. ඉතාලියේ දකුණු කලාපයේ, කටන්සාරෝ නගරයේ පිහිටි Ciaccio රෝහලේ සේවය සඳහා පත්වීම් ලබා සිටි ඔහු 2005 වසරේ පටන් රාජකාරියට වාර්තා කර නොමැති බව පැවසේ.

ඉතාලියේ Ansa පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, වංචා කිරීම, අසාධාරණ ලෙස මුදල් අය කිරීම සහ රාජකාරිය අවභාවිතයේ යෙදවීම යන චෝදනා මත මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

කිසිදු රාජකාරියක් කර නොමැති බවට සැලකෙන මෙම පුද්ගලයා හට පහළොස් වසර පුරා වැටුප් ලෙස ගෙවා ඇති මුළු මුදල යූරෝ 538,000ක් (පවුම් 464,000) බව වාර්තා වේ.

මෙම පුද්ගලයා රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ Calabria නගරයේ රෝහලකය.

ඔහු සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම රෝහලේ කළමනාකරුවන් හය දෙනෙකු පිළිබඳව ද විමර්ශන පැවැත්වෙමින් තිබෙනවා.

ඉතාලියේ රාජ්‍ය සේවය තුළ සිදුවී ඇතැයි සැලකෙන මෙම වංචාව පිළිබඳව පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද දීර්ඝ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස කීපදෙනෙක් අත්අඩංගුවට පත්වී සිටිනවා.

මෙම පුද්ගලයා රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී 2005 වසරේදී ඉහත කී රෝහලේ රාජකාරියක් සඳහා පත් කර තිබේ. එතැන් පටන් ඔහු රාජකාරියට වාර්තා කිරීම පැහැරහැර ඇති බව පොලිසිය පවසයි.

තමන්ට එරෙහිව විනයානුකුල ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ඔහුගේ කළමනාකාරියකට තර්ජනය කර ඇති බවට ද පොලිසිය චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

එම කළමනාකාරිය පසුව විශ්‍රාම ගොස් ඇති බව ද පොලිසිය පැවසීය. නමුත් මෙම පුද්ගලයා සේවයට වාර්තා නොකිරීම පිළිබඳව එවක් පටන් කිසිවෙකුගේ අවධානයට ලක්වී නොමැත.

මුලාශ්‍ර – BBC සිංහල පුවත් සේවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09