AFC Banner
AFC Banner
Empty Ad

වසර 140කට පමණ පසු ඇති වූ දැඩි වර්ෂාවෙන් හොංකොං සහ දකුණු චීනයට බලපෑම්

හොංකොං සහ දකුණු චීනයේ නගර කිහිපයකට ජල ගැලීම්වලින් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

වාර්තාගත ලෙස පවතින අධික වර්ෂාපතනය හමුවේ නිලධාරීන් පාසල් සහ සේවා ස්ථාන වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හොංකොං හි මාර්ග සහ උමං දුම්රිය ස්ථාන ජලයෙන් යටවී තිබෙනවා.

කාලගුණ කාර්යාංශය පවසන්නේ බ්‍රහස්පතින්දා ආරම්භ වූ වර්ෂාව වසර 140කට පමණ පසු නගරයට බලපෑ විශාලතම වර්ෂාව බවයි.

වැසි සමග සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් හොංකොං හි කඳුකර ප්‍රදේශවල නායයෑම් ද සිදුවී ඇති අතර ඇතැම් අධිවේගී මාර්ග ද අවහිර වී ඇතැයි සඳහන්.

සිකුරාදා පස්වරුව වන විට, බලධාරීන් වැසි කුණාටුව “කළු” අනතුරු ඇඟවීමේ සිට “ඇම්බර්” අනතුරු ඇඟවීම දක්වා පහත දමා ඇති අතර වැසි තත්වය සෙනසුරාදා දක්වා පවතිනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

බ්‍රහස්පතින්දා, රාත්‍රියේ හොංකොං හි පැයකට මිලිමීටර් 158.1ක වර්ෂාපතනයක් වාර්තා කළ අතර එය 1884 වසරේ වාර්තා ආරම්භ වූ දින සිට වාර්තාවී ඇති වැඩිම වර්ෂාපතනයයි.

හොංකොං දූපතේ, කොව්ලූන් සහ නගරයේ ඊසානදිග කොටසේ මිලිමීටර් 200 කට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

Guangdong පළාතේ සිය ගණනක් ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, ප්‍රාදේශීය බලධාරීන් පහත් බිම්වල පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
2
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?