වසර 14ක් පැරණි ශ්‍රී ලංකා – ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අලුත් කෙරේ

ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර අත්සන් තබා තිබූ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම ඊයේ (12) ඉතාලියේ රෝමයේදී නිල වශයෙන් අලුත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොඩ්‍රිගෝ සහ ඉතාලි රජය වෙනුවෙන් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ට්‍රිපෝඩි (Maria Tripodi) මෙම ගිවිසුම සඳහා අත්සන් කර තිබෙනවා.

මෙම ගිවිසුම රටවල් දෙක අතර පළමු වරට අත්සන් කෙරුණේ 2011 වසරේ දී වන අතර 2016 දී එය අලුත් කිරීමෙන් පසු නැවත 2021 වසරේදී මෙම ගිවිසුමේ වලංගු කාලය අවසන් වුණා.

ඉන් අනතුරුව රටවල් දෙකේ මෝටර් රථ ප්‍රවාහන/ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡා ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරමින් මෙම අත්සන් තබා තිබෙනවා.

මෙම රියදුරු බලපත්‍ර ගිවිසුම මගින්, එක් එක් රටේ ස්ථිර පදිංචිය ලබා ඇති පුද්ගලයන්ට තම ජාතික රියදුරු බලපත්‍රය, අනෙක් රටේ බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට පහසුකම් සැලසෙනවා.

අදාළ රටේ වසර හයකට අඩු කාලයක් පදිංචිව සිටින ජාතිකයින්ට න්‍යායික සහ ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණ නොදී බලපත්‍රය පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව ඒ මඟින් වැඩිදුරටත් හිමිව තිබෙනවා.

මෙම පහසුකම ඉතාලියේ වෙසෙන සහ සේවය කරන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ඉතා අගය කරනු ලබන අතර, එය ඔවුන්ගේ රැකියා අවස්ථා සහ අනාගත සේවා නියුක්ති හැකියාවන් වැඩිදියුණු කිරීමට, එමෙන්ම ඵලදායී විදේශීය ප්‍රජාවක් ලෙස ඉතාලියට දායක වීමටත් පහසුකම් සලසනවා.

රජයන් දෙක විසින්ම සනාථ කිරීමෙන් පසු, ගිවිසුම දින 60ක් ඇතුළත බලාත්මක වන අතර ගිවිසුම බලාත්මක වූ පසු දෙපාර්ශ්වය විසින්ම ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42
Video thumbnail
රන්වලගේ සිද්ධිය මං දන්නෙත් නෑ..අදහසකුත් නෑ..අපි ආපදා වැඩවල ඉන්නේ..විපක්ෂය සෑහෙන අතරමං වෙලා
13:48
Video thumbnail
කළු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි තිදෙනෙකු බඩුත් එක්කම කොටුවෙයි
02:43
Video thumbnail
"ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ'වැලිකන්ද ප්‍රදේශය කම්පා කළ බිහිසුණු නාය යෑම..
03:49


?