වසර 14ක් පැරණි ශ්‍රී ලංකා – ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අලුත් කෙරේ

ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර අත්සන් තබා තිබූ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම ඊයේ (12) ඉතාලියේ රෝමයේදී නිල වශයෙන් අලුත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොඩ්‍රිගෝ සහ ඉතාලි රජය වෙනුවෙන් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ට්‍රිපෝඩි (Maria Tripodi) මෙම ගිවිසුම සඳහා අත්සන් කර තිබෙනවා.

මෙම ගිවිසුම රටවල් දෙක අතර පළමු වරට අත්සන් කෙරුණේ 2011 වසරේ දී වන අතර 2016 දී එය අලුත් කිරීමෙන් පසු නැවත 2021 වසරේදී මෙම ගිවිසුමේ වලංගු කාලය අවසන් වුණා.

ඉන් අනතුරුව රටවල් දෙකේ මෝටර් රථ ප්‍රවාහන/ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡා ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරමින් මෙම අත්සන් තබා තිබෙනවා.

මෙම රියදුරු බලපත්‍ර ගිවිසුම මගින්, එක් එක් රටේ ස්ථිර පදිංචිය ලබා ඇති පුද්ගලයන්ට තම ජාතික රියදුරු බලපත්‍රය, අනෙක් රටේ බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට පහසුකම් සැලසෙනවා.

අදාළ රටේ වසර හයකට අඩු කාලයක් පදිංචිව සිටින ජාතිකයින්ට න්‍යායික සහ ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණ නොදී බලපත්‍රය පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව ඒ මඟින් වැඩිදුරටත් හිමිව තිබෙනවා.

මෙම පහසුකම ඉතාලියේ වෙසෙන සහ සේවය කරන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ඉතා අගය කරනු ලබන අතර, එය ඔවුන්ගේ රැකියා අවස්ථා සහ අනාගත සේවා නියුක්ති හැකියාවන් වැඩිදියුණු කිරීමට, එමෙන්ම ඵලදායී විදේශීය ප්‍රජාවක් ලෙස ඉතාලියට දායක වීමටත් පහසුකම් සලසනවා.

රජයන් දෙක විසින්ම සනාථ කිරීමෙන් පසු, ගිවිසුම දින 60ක් ඇතුළත බලාත්මක වන අතර ගිවිසුම බලාත්මක වූ පසු දෙපාර්ශ්වය විසින්ම ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22