2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරනු ලබන නිලධාරීන් 4447 දෙනෙක්ට උසස් වීම් ලබා දී ඇති බවට අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකශ වුණා.
ශ්‍රී ලංකා පොලිස් සේවය පිළිබද අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඒ.එම්.එම්.එම්. රත්වත්තේ කියා සිටියේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට සහකාරී පොලිස් අධිකාරී තනතුර දක්වා මෙම උසස් වීම් ලබා දී ඇති බවයි ඇය අදහස් දක්වමින් සඳහන් කළේ.
එමෙන්ම 2025 වසර වෙනුවෙන් නිලධාරීන් 5092 ක් සහ 2026 වසර වෙනුවෙන් නිලධාරීන් 5000ක් බඳවා අගනිම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා අනුමැතිය හිමිව ඇති බවටද මන්ත්‍රීවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





