Empty Ad
AFC Banner
Empty Ad

වසරින් වසර ඉහළ යන කෙන්යාවේ ණය බර

ණය අර්බුදයත් සමග බදු වැඩි කිරීම හේතුවෙන් රට පුරා මතුව තිබෙන මහජන නොසන්සුන්තාවන් මැද කෙන්යාව නිමා වූ මූල්‍ය වර්ෂය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක චීන ණය ආපසු ගෙවා ඇතැයි වාර්තා වනවා.

දුම්රිය සේවය නවීකරණය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම ණය ලබාගෙන ඇතැයි කෙන්යාවේ දිනපතා පුවත්පතක් වන බිස්නස් ඩේලි ⁣වාර්තා කළා.

ඉන් මිලියන 703ක් ප්‍රාග්ධන ආපසු ගෙවීම් වන අතර ඉතිරි කොටස ණය පොලී ගෙවීම් වනවා.

ණය සේවාකරණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 42.14කින් ඉහළ ගොස් ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන්.

කෙන්යානු මුදල් ඒකකය අවප්‍රමාණය වීම සහ වෙනස්වන පොලී අනුපාත මත පොලිය සංශෝධනය කිරීම ණය සේවාකරණය ඉහළ යෑම කෙරෙහි බල පෑ බව භාණ්ඩාගාර ප්‍රකාශකයෙක් බිස්නස් ඩේලි පුවත්පත සමග පවසා තිබුණා.

මේ වසරේ මැයි මාසය වන විට කෙන්යාව , චීනයට ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.4ක්.

ඉහළ ණය සේවාකරණ පිරිවැය හෙතුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් ලෙස අරමුදල් සැපයීම සඳහා ජනාධිපති විලියම් රූටෝගේ පරිපාලනයේ මූල්‍ය අවකාශය සීමා වී ඇතැයි එක්සත් ජනපදය විසින් අනතුරු අඟවා ඇති පසුබිමක චීනය වෙත ණය ගෙවීම් වැඩි වී ඇති බව Business Daily හි වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?