වසරකට පිළිකා රෝගීන් 40,000ක් – ඉන් 1000ක් ම දරුවන්

වසරකට මෙරට තුළ පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන බවත් ඉන් පිළිකා රෝගීන් 1000කට අධික සංඛ්‍යාවක් ළමා රෝගීන් බවත් මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා සහ රුධිර ජනක සෛල බද්ධය විශේෂණ සහ ශ්‍රී ලංකා පිළිකා විශේෂඥයින්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පවසනවා.

හෙට (04) දිනට යෙදී ඇති ලෝක පිළිකා දිනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියා.

දරුවන් අතර මේ වනවිට ශීඝ්‍රයෙන් පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර කාන්තාවන් අතර ද මෙය ජනප්‍රිය මට්ටමේ රෝග තත්ත්වයක් බවට පත් ව ඇත්තේ පියයුරු පිළිකා වර්ධනය වීම හේතුවෙන් බව ද පැවසෙනවා.

එමෙන්ම පිරිමි පාර්ශ්වය අතර ඇත්තේ වැඩි වශයෙන් මුඛ පිළිකා බවයි වෛද්‍ය බුද්ධික මහතා පෙන්වාදෙන්නේ.

දුම්පානය, වැරදි ආහාර රටාවන්, ස්ථූලතාව වැඩිහිටි පිළිකා වැළඳීමේ අවදානම දුරු කරගැනීමට අනුගමනය කළ හැකි වුව ද දරුවන් අතර පවතින පිළිකා නවත්වා ගැනීමට ක්‍රමයක් නොමැති බව ද පවසනවා.

අනුගමනය කරන ජීවන රටා හේතුවෙන් දරුවන් හට පිළිකා නො වැළඳෙන බව පවසන වෛද්‍ය බුද්ධික මහතා පෙන්වාදෙන්නේ දරුවන් අතර වැඩි වශයෙන් ම ලියුකේමියා රෝගය දක්නට ලැබෙන බවත් රෝග ලක්ෂණ දුටුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් වෛද්‍යවරයා අවධාරණය කරනවා.

මෙම ලියුකේමියා පිළිකා තත්ත්වය සියයට 5ක පමණ ප්‍රවේණිගතව එන්නක් බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?