වසරකට පසු 23 දෙනෙකුගෙන් යුත් පාපන්දු සංචිතයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ඉලක්ක කර ක්‍රීඩකයන් 23 දෙනෙකු ගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නායකයා කවුරුන් ද යන්න මෙතෙක් තීරණය කර නොමැති අතර අද හෝ හෙට නායකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ ක්‍රීඩකයින් වසරකට ආසන්න කාලයක් විධිමත් පුහුණුවක් නොමැතිව අක්‍රීය තත්වයෙන් සිටිය ද ගතවූ සති 5ක කාලය ඇතුලත තමා යටතේ යළි පුහුණුව ලබමින් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් මහතා පාපන්දු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාව මෙවර තරඟාවලිය යටතේ සහභාගි වන පළමු තරගය ලබන 12 වැනිදා යේමනය සමග එරටදී පැවැත් වෙනවා. යේමනය ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 157වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 207 වන ස්ථානයේයි.

ශ්‍රේණිගත කිරීම් අනුව යේමනය ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක සිටිය ද ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ගේ ආත්ම ශක්තිය සහ ජයග්‍රාහී මානසිකත්වය අනුව දිනුම පැරදුම පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බව පුහුණුකරු මොරිසන් මහතා කියාසිටියා.

ශ්‍රී ලංකාව දෙවැනි තරගයේ දී සෞදි අරාබිය සමග තරග වැදීමට නියමිත අතර අදාළ තරග දෙකම ජයග්‍රහණය කර දෙවෙනි වටය සදහා සුදුසුකම් ලැබුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රුපියල් 750000 බැගින් ප්‍රසාද දීමනා පිරිනැමීමට ශ්‍රී ලංකා පාපන්දු විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය;

සුජාන් පෙරේරා, ප්‍රභාත් අරුණසිරි, හර්ෂ ප්‍රනාන්දු, චරිත් රත්නායක, චලන චමීර, අසිකුර් රහමන්, මොහොමඩ් අමාන්, කවීෂ් ප්‍රනාන්දු, ෂෙනාල් පිංගෝ, මරියතස් නිතාර්ෂාන්, නව්ෂාඩ් මොහොමඩ්, ජූඩ් සුපුන්, ෆයිසාල් ආකිඩ්, වසීම් මොෂාන්, වසීම් රසීක්, වසීම් රසීක්, ෆයිසාල් රසීක් , චමෝද් දිල්ශාන්,රිෆ්ඛාන් මොහොමඩ් ,කවිදු ඉෂාන්,නෙයිසීර් මොහොමඩ් ,සෙනාන් ද සිල්වා සහ අරිස් මොහොමඩ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?