වසරකට පසු 23 දෙනෙකුගෙන් යුත් පාපන්දු සංචිතයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ඉලක්ක කර ක්‍රීඩකයන් 23 දෙනෙකු ගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නායකයා කවුරුන් ද යන්න මෙතෙක් තීරණය කර නොමැති අතර අද හෝ හෙට නායකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ ක්‍රීඩකයින් වසරකට ආසන්න කාලයක් විධිමත් පුහුණුවක් නොමැතිව අක්‍රීය තත්වයෙන් සිටිය ද ගතවූ සති 5ක කාලය ඇතුලත තමා යටතේ යළි පුහුණුව ලබමින් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් මහතා පාපන්දු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාව මෙවර තරඟාවලිය යටතේ සහභාගි වන පළමු තරගය ලබන 12 වැනිදා යේමනය සමග එරටදී පැවැත් වෙනවා. යේමනය ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 157වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 207 වන ස්ථානයේයි.

ශ්‍රේණිගත කිරීම් අනුව යේමනය ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක සිටිය ද ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ගේ ආත්ම ශක්තිය සහ ජයග්‍රාහී මානසිකත්වය අනුව දිනුම පැරදුම පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බව පුහුණුකරු මොරිසන් මහතා කියාසිටියා.

ශ්‍රී ලංකාව දෙවැනි තරගයේ දී සෞදි අරාබිය සමග තරග වැදීමට නියමිත අතර අදාළ තරග දෙකම ජයග්‍රහණය කර දෙවෙනි වටය සදහා සුදුසුකම් ලැබුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රුපියල් 750000 බැගින් ප්‍රසාද දීමනා පිරිනැමීමට ශ්‍රී ලංකා පාපන්දු විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය;

සුජාන් පෙරේරා, ප්‍රභාත් අරුණසිරි, හර්ෂ ප්‍රනාන්දු, චරිත් රත්නායක, චලන චමීර, අසිකුර් රහමන්, මොහොමඩ් අමාන්, කවීෂ් ප්‍රනාන්දු, ෂෙනාල් පිංගෝ, මරියතස් නිතාර්ෂාන්, නව්ෂාඩ් මොහොමඩ්, ජූඩ් සුපුන්, ෆයිසාල් ආකිඩ්, වසීම් මොෂාන්, වසීම් රසීක්, වසීම් රසීක්, ෆයිසාල් රසීක් , චමෝද් දිල්ශාන්,රිෆ්ඛාන් මොහොමඩ් ,කවිදු ඉෂාන්,නෙයිසීර් මොහොමඩ් ,සෙනාන් ද සිල්වා සහ අරිස් මොහොමඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14