AFC Banner
AFC Banner
Empty Ad

වසරකට පසු අෆ්රිඩි ශ්‍රී ලංකාව සමඟ තරගාවලියේ දී යළිත් ජගත් ටෙස්ට් පිටියට

පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක මෝර්නි මෝකල් පත්කර තිබෙනවා.

හිටපු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා සමඟ පාකිස්ථාන ක්‍රිකට් ආයතනය මාස 06ක කාලයකට කොන්ත්‍රාත් ගතව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව ලබන මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වේග පන්දු යවන්නන් සැකසීම මෝර්නි මෝකල්ගේ පළමු අභියෝගය වනවා.

මේ අතර පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දණ හිසේ ඇති වූ ආබාධයත් සමඟ සිදුකළ සැත්කමෙන් පසු සීමිත පන්දුවාර තරග පමණක් ක්‍රීඩා කිරීමට සිදුවුණා.

2022 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේ දී අෆ්රිඩි දණහිසේ ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව ඔහු යළි ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසෙන්නේ වසරකට පසුවීම විශේෂතයක්.

ටෙස්ට් තරග සංචාරය සඳහා එළඹෙන ජූලි 09 වන දින ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර පුහුණු කඳවුරක් සඳහා ජූලි 03 වන දින පාකිස්ථාන ටෙස්ට් සංචිතය කරච්චි හි රැස්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

තරගාවලිය වෙනුවෙන් නම්කළ පාකිස්ථාන සංචිතය

බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ආමර් ජමාල්, අබ්දුල්ලා ෂෆීක්, අබ්රාර් අහමඩ්, හසන් අලි, ඉමාම්-උල්-හක්, මොහොමඩ් හුරෙයිරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලි, සල්මාන් අලි අගා, සර්ෆරාස් අහමඩ්, සවුද් ශකීල්, ෂහීන් ෂා අෆ්රිඩි, ෂාන් මසූඩ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?