spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘වසත් සිරිය – 2023’ අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පා පැදි සවාරිය සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක්

  • වසත් සිරිය – 2023 අවුරුදු කුමරියට රන් තිළිණයක් සමඟ මුදලින් රුපියල් 150,000ක්.
  • අවුරුදු කුමරාට මුදලින් රුපියල් 150,000ක් සමඟ වටිනා ත්‍යාග රැසක්.
  • මැරතන් තරගයේ (පිරිමි) පළමු ස්ථානයට මුදලින් රුපියල් 75,000ක් සහ කාන්තා පළමු ස්ථානයට රුපියල් 50,000ක්.
  • ස්ටෑන්ඩඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා මුදලින් රුපියල් 100,000ක් සහ කාන්තා පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක්.

අප්‍රේල් 22 වනදා කොළඹ ෂැන්ග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත ‘වසත් සිරිය – 2023’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්‍යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි සවාරිය සඳහා දැනටමත් අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බව වාර්තා වෙනවා.

විවිධ පළාත් නියෝජනය කරමින් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල තරුණ තරුණියන් ද මේ සඳහා ඉදිරිපත්වී තිබීම විශේෂත්වයකි.

දේශීය සංස්කෘතික වටිනාකම් පිළිඹිඹු කෙරෙන විශේෂාංග රැසකින් සමන්විතව රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ සංවිධානය කෙරුණු ‘වසත් සිරිය’ අවුරුදු උත්සවය තරග ඉසව් රැසකින් සමන්විතය.

“වසත් සිරිය 2023” රූ සිරියෙන් සැරසීමට වයස අවුරුදු 20-35 අතර යෞවන යෞවනියන්ට ආරාධනා කෙරේ. වසත් සිරිය – 2023 අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳින ජයග්‍රාහිකාවට රන් තිළිණයක් සමඟ මුදලින් රුපියල් 150,000ක් සහ තවත් ත්‍යාග රැසක් පිරිනැමේ. දෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 100,000ක් සමඟ සෙසු ත්‍යාග ද, තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 50,000 ක් සමඟ සෙසු ත්‍යාග ද පිරිනැමෙනවා.

වසත් සිරිය – 2023 අවුරුදු කුමරා ලෙස කිරුළු පළඳින ජයග්‍රාහකයා සඳහා මුදලින් රුපියල් 150,000 ක් සමඟ ත්‍යාග රැසක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 100,000 ක් සමඟ සෙසු ත්‍යාග ද, තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 50,000ක් සමඟ සෙසු ත්‍යාග ද පිරිනැමෙනවා.

මේ සඳහා තවමත් අයදුම්කර නොමැති නම් මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ www.pmd.gov.lk ඔස්සේ බාගත කරගත් අයදුම් පත්‍රය සම්පූර්ණ කර [email protected] විද්‍යුත් ලිපිනය වෙත 2023.04.21 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය. වැඩි විස්තර ඉසංකා (0702 025 095) සහ නේරංජා (0718 381 004) මහත්මිය ඇමතීමෙන් ලබා ගත හැකිය.

දිවයිනටම විවෘත පිරිමි සහ කාන්තා “කොළොම්තොට වටා මැරතන් ධාවන තරගයට වයස අවුරුදු 16ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. ඒ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන් සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය මීටර් 20ට වැඩි තරග ධාවනයක යෙදීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ද සමඟ 2023 අප්‍රේල් මස 21 වන දින මධ්‍යාහ්න 12.00ට පෙර [email protected] ඊ-මේල් ලිපිනයට හෝ 0710573828 වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ යුතුය.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය තෙක් රුපියල් 10,000 බැගින් පිරිනැමෙනවා.

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය තෙක් රුපියල් 7,500 බැගින් පිරිනමයි.

එමෙන්ම ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය ද (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘත වන අතර 1973 වසරේ හා ඉන් පසු සහ 2004 වසරේ හා ඉන් පෙර වසරවල උපත ලැබූ ශ්‍රී ලාංකික පිරිමි සහ කාන්තා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගීවීමට අවස්ථාව සලසා තිබේ. මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර තරග වැදීමට සුදුසු යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවට රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු විසින් සහතික කළ වෛද්‍ය සහතිකයක් ද සමඟ 2023 අප්‍රේල් 21 දින පෙ.ව 10.00 ට පෙර [email protected] ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0788429688 වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ යුතුය.

ස්ටෑන්ඩඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය තෙක් රුපියල් 9,000 බැගින් ද, 11 සිට 15 ස්ථාන දක්වා රුපියල් 5,000 බැගින් ද ත්‍යාග පිරිනැමෙයි.

කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය ද තෙක් රුපියල් 9,000 බැගින් පිරිනමනු ලබයි.

කඹ ඇදීමේ තරගය සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන කණ්ඩායම් විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය අවුරුදු උත්සවය ආරම්භ වීමට පෙර එම ස්ථානයේදී සංවිධායක මණ්ඩලය වෙත භාරදිය හැකි අතර වැඩිදුර විස්තර 0717880695 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

තරග පිළිබඳ වැඩිදුර විස්තර සහ සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැඳුණු දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙමින් තරග ඉසව් රැසක් සංවිධානය කර තිබීම ද වසත් සිරිය – 2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ විශේෂත්වයකි. අවුරුදු උත්සවය අවසානයේ පැවැත්වෙන මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ කෙරේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?