AFC Banner
Empty Ad
Empty Ad

වවුනියාව සෙට්ටිකුලමේ කැලෑබද ප්‍රදේශයකදී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

වවුනියාව – සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයකදී විල්පත්තු කැළය ආශ්‍රිත ක්‍රියාන්විත රාජකාරියේ නිරත හමුදා භට කණ්ඩායමක් සහ ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ 22 කුගෙන් සමන්විත අදාළ හමුදා භට කණ්ඩායම වෙත ආයුධ සන්නද්ධව සිටි තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

තුවාල ලැබූ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට මාරුකර යවා තිබෙනවා. ආයුධ සන්නද්ධව සිටි සෙසු පුද්ගලයින් දෙදෙනා පලාගොස් ඇති අතර, ඔවුන් සොයා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?