AFC Banner
Empty Ad
Empty Ad

වලපනේ භූ කම්පනය ගැන පැහැදිළි කිරීමක්

වලපනේ ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා සඳහන් කළේ අදාළ භූ කම්පනය ස්වාභාවිකව සිදු වූ බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.

ඊයේ (23) අලුයම 03.30 ට පමණ වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.8 ප්‍රභලත්වයකින් යුත් සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී තිබුණි.

ඒ පිළිබඳව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් දැක් වූ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා පැවසූවේ, “මේ පිළිබඳව නිවරැදි තොරතුරු අද දවස ඇතුළත ලබාගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තුවෙනවා. දැනට තිබෙන තොරතුරු අනුව පැහැදිළිව කියන්න පුළුවන් මේක ස්වභාවිකව තත්ත්වයන් යටතේ ඇති වූ එකක් කියලා,” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?