නවම් පුර පසළොස්වක පොහොය අද – දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක්

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම මෙන්ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

තවද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර විශාලා නුවර චාපාල චේතිය අසලදී අයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේද අද වැනි නවම් පොහෝ දිනක බවද බෞද්ධ ඉතිහාසයේ දැක්වෙනවා.

ඒ අනුව අද දිනට යෙදී තිබෙන නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.

උතුම් නවම් පුර පසළොස්වක පොහෝ දින පැවැත්වෙන දසත බෝපත වැඩසටන අද දිනය පුරාවට කටාන ශ්‍රී වර්ධනාරාම මහා විහාර පුදබිම කේන්ද්‍රගනිමින් පැවැත්වෙනවා.

දසත බෝපත වැඩසටනේ උදෑසන කිරි ආහාර බුද්ධ පූජාමය පිංකම සහ අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් කරවීම, ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක,අමරපුර මූලවංශික පාර්ශවයේ කටාන ශ්‍රී වර්ධනාරාම මහා විහාරය ඇතුලු විහාර ගණයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති විද්‍යාපති පූජ්‍ය කරඹේ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවා.

අද දිනය පුරාවට පැවැත්වෙන “දසට බෝපත’ පෝදා වැඩසටහනට සහභාගී වීමට මෙන්ම Peo TV නාළිකා අංක 18 ඔස්සේ සහ දසත TV ඩිජිටල් අවකාශය ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාව පිං කැමති ඔබ සියලු දෙනාට පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59