වරෙන්තු පිට සිටින නාමල් දිවයිනට

පුද්ගලික සංචාරයක් සඳහා ඊයේ (28) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර ඔහු අද දිනයේ මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) වරෙන්තුවක් නිකතු කරනු ලැබුවා.

ඒ, 2017 වසරේ හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව පැවති විරෝධතාවයක දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට ඊයේ දිනයේ පෙනී නොසිටීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?