වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙස ජනපතිගෙන් යෝජනාවක්

වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරුණ නීතිඥවරුන්ට යෝජනා කර තිබෙනවා.

අක්වෙරළ ආර්ථික නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගන්නා ලෙසට සහ වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ නීතිඥවරුන්ට යෝජනා කර ඇත්තේ.

අක්වෙරළ ආර්ථික නීතියක් සහිත මූල්‍ය මධ්‍යස්ථානය ලෙස නව වරාය නගරය සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති කොළඹ රාජකීය විද්‍යාලයීය නීතිඥ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්.

තමා රාජකීය විද්‍යාලයීය සිසුවෙකු ලෙස ගත කළ කාලය සහ සිය චරිතය හා වගකීම් සහගත බව හැඬගස්වා ගැනීමට විද්‍යාලයෙන් ලැබුණු දායකත්වය ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම වෙනුවෙන් ජනප්‍රිය නොවූ දැඩි තීන්දු ගැනීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ සිය කැපවීම පැහැදිළි කරමින් සඳහන් කළේ අභියෝගවලට මුහුණදීමේ ආත්මශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ප්‍රගුණ කරන ලද්දක් බවයි.

මෙරට නීති ක්ෂේත්‍රය වෙනුවෙන් රාජකීය විද්‍යාලය ඉටුකර ඇති කාර්යභාරය මෙහිදි ඇඟයීමට ලක් කළ ජනාධිපතිවරයා ඉදිරියේදී මතුවිය හැකි නව නීති ක්ෂේත්‍ර පිළිබඳව ද තරුණ නීතිඥවරුන්ව දැනුවත් කර තිබෙනවා.

වරාය නගරය මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අදාළ නීතිමය ක්ෂේත්‍රවල මූලික ආරම්භයක් ලබා ගැනීමට එහිදී තරුණ නීතීඥයින් දිරිමත් කළ ජනාධිපතිවරයා වගකීම් සහ නායකත්ව භූමිකාවන්හි වැදගත්කම ද අවධාරණය කරනු ලැබුවා.

මෙම අවස්ථාවේ පිළිගැනීමේ කථාව රාජකීය විද්‍යලයීය නීතීඥ සංගමයේ සභාපති රොහාන් සහබන්දු මහතා විසින් සිදු කළ අතර එහි ලේකම් ධූරයෙන් නික්ම යන හර්ෂණ මාත්‍රආරච්චි මහතා විසින් පසුගිය වසරේ වාර්තාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

රොහාන් සහබන්දු මහතා රාජකීය විද්‍යාලයේ නීතීඥ සංගමයේ සභාපති ලෙස නැවත තේරී පත් වූ අතර නව ලේකම්වරයා ලෙස තේරී පත් වූ ලසිත කණුවනආරච්චි මහතා ස්තුති කතාව සිදු කළා.

නීතිපති සංජය රාජරත්නම්, රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07