වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් …

වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහි පළමු සාකච්ඡාවට මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරු සහභාගී වූහ.

එහි තවත් සාකච්ඡාවක් මුදල්, බලශක්ති සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැත්විණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?