වර්ජනය අවසන් කළ බව තැපැල් වෘත්තීය සමිති දැනුම්දෙයි

පසුගිය 17 වැනිදා පස්වරු 4.00 සිට ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති අද (24) පස්වරුවේ නිවේදනය කළා.

කාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

ඉදිරිපත් කළ මූලික කරුණු 19න් 17කට මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීම සඳහා ඇමතිවරයා විසින් තැපැල්පතිට නියෝග ලබා දී ඇති බවත් එම නියෝගය ලිඛිතව භාරදුන් බවත් සම කැඳවුම්කරු චින්තක බණ්ඩා මෙහිදී පැවසුවා.

අනෙක් කරුණු දෙකවන ඇඟිලි සලකුණු සහ අතිකාල දීමනා සම්බන්ධයෙන් වූ ඉල්ලීමට කිසිඳු වෙනසක් සිදුකිරීමට ඇමතිවරයා එකඟතාව පළ නොකළ බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අනුව ඒ සම්බන්ධයෙන් පවතින නීතිය අනුව ගත හැකි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේ දී සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22