වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙළ මිරිකා ඇයව ඝාතනය කර ඇති මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ නිවසක තනිව පදිංචිව සිටි අවුරුදු 71ක කාන්තාවක්.
යාබද නිවසක සිටි කාන්තාවක් ඊයේ (24) නිවසට පැමිණ සොයා බැලීමේ දී මිරිස් කුඩු මුහුණේ ගෑවී මියගිය කාන්තාව බිම වැටී සිටිනු දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.
මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
+1
+1
10
+1
3
+1





