වයිරසය වාතය මගින් සීග්‍රයෙන් පැතිරේ ජාත්‍යන්තර පරීක්ෂණයකින් තහවුරුයි

කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වයිරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස් සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇත. බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් (Lancet fournal) වෛද්‍ය සඟරාව පසුගියදා මෙම අධ්‍යයන වාර්තා ප්‍රකාශයට පත් කර තිබිණි.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රවීණ පර්‌යේෂකයන් කණ්ඩායමක් අදාළ අධ්‍යයනයන් සිදු කර ඇත. මීට පෙර පසුගිය වසරේ (2020) ජුලි මාසයේ දීද රටවල් 32ක විද්‍යාඥයන් 200කට අධික පිරිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට විශේෂ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වයිරසය කුඩා අංශු ලෙස වාතය මගින් සම්ප්‍රේෂණය වී මිනිසුන්ට ආසාදනය විය හැකි බවයි.

මෙම අධ්‍යයන වාර්තාවල උදාහරණ රැසක් පෙන්වා දී ඇති අතර විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ‘ස්කනිට් කොයාර්’ (Skagit choir) සිදුවීමේ ආරම්භය සිදුව ඇත්තේ එක් ආසාදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 53 දෙනකුට ඉතා සීග්‍රයෙන් වයිරසය ව්‍යාප්ත වීමෙන් බව අනාවරණය කර තිබේ. මෙම තත්ත්වය මත ගෘතස්ථ, වාතය සංසරණය වීම අඩු ස්ථානවල වයිරසය පහසුවෙන් ව්‍යාප්ත වන බව තහවුරු කර තිබේ. එම නිසා කැස්ස හෝ කිවිසුම් රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවත් ලොව පුරා දැන් නැවතත් මහා පරිමාණයෙන් ආසාදිතයන් වාර්තා වීමට මෙම නිහඬ සම්ප්‍රේෂණය ඉවහල් වී ඇති බවත් අනාවරණය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09