AFC Banner
AFC Banner
Empty Ad

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පොඩ්ඩෝ අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති

2024 වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පැවති අවසන් තරගය ද ජය ගන්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම (U19) අද (03) සමත් වුණා.

ඒ ප්‍රතිවාදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 07කින් පරාජයට පත් කරමින්.

ඩුබායි හි දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගනිමින්; පන්දුවාර 49කුත් පන්දු 02ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 228ක් රැස් කළා.

එහිදී අනගි පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විමත් දින්සර ලකුණු 106ක් රැස් කරගත්තා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හතරේ පහර 10ක් ඇතුළත්.

නායක විහස් තෙව්මික ලකුණු 22ක්, ලක්වින් අබේසිංහ සහ විරාන් චමුදිත පිළිවෙළින් ලකුණු 21 හා 20 බැගින් රැස් කළා.

කඩුලු බිඳ හෙලීමේ දී බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් AI ෆහඩ් ලකුණු 05කට කඩුලු 04ක් සහ රිසාන් හුසේන් කඩුලු 03ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් බිඳ දැමීමේ ගෞරවය රෆී උස්මන්ට සහ ඉක්බල්ට හිමිවුණා.

ජයග්‍රහණයට ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.

Kalam Siddiqui ලකුණු 95ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් නායක තෙව්මික ලකුණු 37කට කඩුලු 03ක් සහ එක් කඩුල්ල බැගින් මතුලන් කුසගතාස්, විරාන් චමුදිත සහ ප්‍රවීන් මනීෂ බිඳ දැමුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු ක්‍රිකට් කුසලානයේ B කාණ්ඩය නියෝජනය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තමන් මූලික වටයේ මුහුණ දුන් තරග 03ම ජයගෙන මෙම දක්ෂතාවට හිමිකම් කියන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ද B කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?