මන්ත්‍රීවරුන්ට අත්දැකීම් හුවමාරු වැඩමුළුවක්

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කතානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් මාර්තු 29 සහ 30 යන දිනවල මීගමුවේ හෝටලයක දී සාර්ථකව පැවැත්වුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි ශක්තිමත් කිරීමට අදාළ ව සාකච්ඡාවල නිරත වීමට මෙහිදී අවස්ථාව හිමි වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,නියෝජ්‍ය කතානායක (වෛද්‍ය) රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වුණා.

එක්සත් රාජධානිය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ජුඩිත් කමින්ස් (Judith Cummins), එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක ඩෝන් ප්‍රිමරොලෝ (Dawn Primarolo) සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිවරයෙක් වූ කෙනත් ඩොනල්ඩ් මැකින්ටොෂ් (Kenneth Donald Macintosh) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූවා.

මෙම වැඩමුළුවේ දී, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලට අදාළව මූලාසනය දරන සභාපතිවරුන්ගේ භූමිකාව පිළිබඳ කරුණු ආවරණය කළා.

පාර්ලිමේන්තුවේ මුලසුන සඳහා නම්කරන ලද මන්ත්‍රීවරයන්ගේ භූමිකාවේ ඉතිහාසය සහ පරිණාමය මෙන්ම කාල කළමනාකරණ, සම්මුතීන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ පවත්වාගනු ලබන සබඳතා වැනි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඊට අමතරව, ව්‍යවස්ථාදායක කටයුතු කළමනාකරණය කිරීමේදී ඇති වන අභියෝග සහ අවස්ථා එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික උදාහරණ සමඟින් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, මෙරට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්, ස්ථාවර නියෝග, සහ සම්මුතීන් පිළිබඳ පුළුල් පැහැදිළි කිරීමක් මෙහිදී සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14