AFC Banner
Empty Ad
Empty Ad

වයරකින් ගෙල සිර කර බිළිඳිය ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වෙයි

ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රී රෝද රථයක පිටුපස තිබී පසුගිය දා (10) හමු වූ බිළිඳියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කළ පශචාත් මරණ පරීක්ෂණයේ දී බිළිඳිය ඉපදුණු විගස වයරයකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බවට තහවුරු වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එහිදී මියගිය බිළිඳියගේ මව සහ ත්‍රීරෝද රථ රියදුරා පසුගිය (10) දින ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

බිළිඳියගේ මව විසින් පවසා ඇත්තේ සැකකාර රියදුරු සහ තමන් අතර තිබු අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බිළින්දිය මෙලොවට බිහි වු බවයි.

ඉකුත් (05) දින තමන් සේවය කල මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළින්දිය මෙලොවට බිහි වු බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවීම සඳහා ත්‍රිරෝද රථ රියදුරා සමග ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව සැකකාර කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

ඉකුත් 10 වන දින එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයකින් දුගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රී රෝද රථයේ රියදුරුගේ මව විසින් පරික්ෂා කර බැලිමේ දී ත්‍රිරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බෑගයක් පරික්ෂා කර බැලිමේදි එම බෑගය තුළ කුඩා බිළින්දියෙකුගේ සිරුරක් තිබෙන බවට දැකිමෙන් පසු ඇය අසල්වාසීන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසුව අසල්වාසින් විසින් ඒ පිළිබඳව ආගරපතන
පොලිසියට දැනුම් දී තිබුණා.

අළුයම් කාලයේ සිරුර වල දැමිමට සැලසුම් කර තිබුණ ද ඊට ප්‍රථම තම මව සිරුර දැක අසල්වාසින්ට දැනුම් දීම නිසා සිරුර වල දැමිමට නොහැකි වු බව ත්‍රී රෝද රථයේ රියදුරා ද පොලිසියට පාපොච්චාරණය කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර මව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකාර රියදුරා සහ සැකකාරිනිය අද (12) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?