වයරකින් ගෙල සිර කර බිළිඳිය ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වෙයි

ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රී රෝද රථයක පිටුපස තිබී පසුගිය දා (10) හමු වූ බිළිඳියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කළ පශචාත් මරණ පරීක්ෂණයේ දී බිළිඳිය ඉපදුණු විගස වයරයකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බවට තහවුරු වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එහිදී මියගිය බිළිඳියගේ මව සහ ත්‍රීරෝද රථ රියදුරා පසුගිය (10) දින ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

බිළිඳියගේ මව විසින් පවසා ඇත්තේ සැකකාර රියදුරු සහ තමන් අතර තිබු අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බිළින්දිය මෙලොවට බිහි වු බවයි.

ඉකුත් (05) දින තමන් සේවය කල මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළින්දිය මෙලොවට බිහි වු බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවීම සඳහා ත්‍රිරෝද රථ රියදුරා සමග ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව සැකකාර කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

ඉකුත් 10 වන දින එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයකින් දුගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රී රෝද රථයේ රියදුරුගේ මව විසින් පරික්ෂා කර බැලිමේ දී ත්‍රිරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බෑගයක් පරික්ෂා කර බැලිමේදි එම බෑගය තුළ කුඩා බිළින්දියෙකුගේ සිරුරක් තිබෙන බවට දැකිමෙන් පසු ඇය අසල්වාසීන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසුව අසල්වාසින් විසින් ඒ පිළිබඳව ආගරපතන
පොලිසියට දැනුම් දී තිබුණා.

අළුයම් කාලයේ සිරුර වල දැමිමට සැලසුම් කර තිබුණ ද ඊට ප්‍රථම තම මව සිරුර දැක අසල්වාසින්ට දැනුම් දීම නිසා සිරුර වල දැමිමට නොහැකි වු බව ත්‍රී රෝද රථයේ රියදුරා ද පොලිසියට පාපොච්චාරණය කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර මව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකාර රියදුරා සහ සැකකාරිනිය අද (12) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14