AFC Banner
AFC Banner
Empty Ad

වන අලින්ට ඇදපු විදුලි වැටේ පැටලී කාන්තාවක් මරුට

වනඅලින්ගෙන් ආරක්ෂා වීමට ඇද තිබූ විදුලි වැටක පැටලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පොළොන්නරුව – දිඹුලාගල, පැළාටියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (20) පස්වරුවේ දී මෙම අවාසනාවන්ත ඉරණමට ලක් වූ බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ 73 හැවිරිදි කාන්තාවක් බව මනම්පිටිය පොලිසිය පැවසුවා.

ඇය තිදරූ මවක වන අතර බරපතළ තුවාල ලැබූ මරණකාරිය කඩිනමින් මනම්පිටිය ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගිය ද ඇය මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?