AFC Banner
AFC Banner
Empty Ad

වනිඳු යළිත් ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවන තැනට පැමිණීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව වනිඳු ස්ථානය හතරක් ඉදිරියට පැමිණ මෙලෙස දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

නවසීලන්තය සමඟ නිමා වූ තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා මත විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට මෙලෙස හැකියාව ලැබී තිබෙනවා.

වනිඳු එම තරගාවලියේ දී කඩුලු 06ක් බිඳ දැමුවා.

මේ අතර නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් පසුවනවා.

එමෙන්ම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසු වූ මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් පහළට ගොස් මේ වනවිට සිව්වන ස්ථානයේ රැඳී සිටිනවා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?