AFC Banner
Empty Ad
Empty Ad

වනිඳුට ඉතිරි එක්දින තරග දෙක අහිමි වෙයි

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහුගේ වම් පාදයේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරග දෙක අහිමිව යන බවයි.

ඔහුට සිදුකළ එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු කර තිබෙනවා.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී වනිඳු යැවූ දසවන පන්දු වාරයේ අවසන් පන්දුවේ දී ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණා.

එම තරගයේ දී ඔහු ඉන්දීය ඉනිමේ ප්‍රබල කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණේ ලකුණු 58ක් ලබාදෙමින්.

වනිඳු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (04) පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?