වනිඳුට ඉතිරි එක්දින තරග දෙක අහිමි වෙයි

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහුගේ වම් පාදයේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරග දෙක අහිමිව යන බවයි.

ඔහුට සිදුකළ එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු කර තිබෙනවා.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී වනිඳු යැවූ දසවන පන්දු වාරයේ අවසන් පන්දුවේ දී ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණා.

එම තරගයේ දී ඔහු ඉන්දීය ඉනිමේ ප්‍රබල කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණේ ලකුණු 58ක් ලබාදෙමින්.

වනිඳු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (04) පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43