spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනිඳුගේ දඟ පන්දුව ඕමාන ඉනිම සුණු විසුණු කරයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී ලකුණු 98ක් රැස් කිරීමට සමත් වුණා.

ඕමාන ඉනිම සුණු විසුණු කළ වනිඳු හසරංග පන්දුවාර 07යි පන්දු 02ක් තුළ කඩුලු 05ක් දවා ගත්තා.

ළහිරු කුමාර කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

ඕමානය වෙනුවෙන් අයාන් ඛාන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වුණේ ලකුණු 41ක් රැස්කරමින්.

ආරම්භක පිතිකරු ජතින්දර් සිං 21ක් රැස්කළ අතර, පිතිකරුවන් හත්දෙනෙකු ලකුණු 07ට අඩුවෙන් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පිළට ලකුණු 99ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
2
+1
14
+1
5
+1
2
+1
5
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?