වන්දි ඉල්ලා හොරොව්පොතාන ගොවින් උද්ඝෝෂණයක

මහ කන්නයේ පොහොර නොමැතිකමින් වගාවන්ට වී වගාව මෙන්ම බඩඉරිඟු වගාවන් සදහා සිදුවු හානියට වන්දි ලබා දෙන ලෙස රජයට බලකරමින් අද දින හොරොව්පොතාන නගරයේ ගොවින් උද්ඝෝෂණයක නිරත වුවා.

සමස්ත ලංකා ජතික ගොවිජන සම්මෙලනය විසින් මෙම උද්ඝෝෂණය සංවිධායක කොට තිබු අතර ඒ සදහා හොරොව්පොතාන ගොවින් සමග සමස්ත ලංකා ජාතික ගොවි ජන සම්මෙලනයේ උපසභාපති සුසන්ත කුමාර නවරත්න එහි විධායක සභික හුරුලුගොවි පදනමේ සභාපති එස්.තිලකසිරි ඇතුලු සමාජික සමාජිකාවන් පිරිසක් එක්වී සිටියා.

උදැසන 10.30 පමන හොරොව්පතාන නගරය මැදින් උද්ඝෝෂණය ආරම්භ කරමින් අනුරාධපුර – ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ග ඔස්සේ සටන් පාඨ කියමින් සහ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් හොරොව්පොතාන ප්‍රදේශීයලේකම් කාර්යාලය අසලට පැමිණියේ ප්‍රදේශීය ලේකම්වරිය වෙත ගොවින් පත්ව ඇති ඉරනම පිළිබඳ සටහන් කරන ලද දුක්ගැනවිලක් සහිත සංදේශයක් භාරදීම සදහායි.

ඒ වන විටත් ප්‍රදේශීය ලේකම් කර්යාලයේ ප්‍රධාන දොරටුව වසා හොරොව්පොතාන පොලිසිය විසින් පොලිස් ආරක්ෂාව තර කොට තිබු අතර ඒ අවස්ථාවේ උද්ඝෝෂකයින් ප්‍රදේශීය ලේකම් කර්යාලයේ ඉදිරියේ උද්ඝෝෂණයේ නිරිතවු අතර පසුව ලේකම්වරිය හමුවීමට යාමට නොදිම හේතුවෙන් හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරිතවු අතර ඒ අවස්ථාවේ පොලිස් නිළධාරින් සමග උනුසුම්කාරි තත්වයක් ඇතිවිය.

පොලිස් නිළධාරින් එම ස්ථානයට පැමිණ ප්‍රාදේශීය ලේකම්වරිය ලේකම් කර්යාලයේ නොමැති බවත් මේ වන විට හොරොව්පොතාන ප්‍රදේශීය සභාවේ ශ්‍රවණාගාරයේ දී ප්‍රදේශීය සංවර්ධන කමිටුව පැවැත්වෙන බැවින් එම ස්ථානයට සියලු නිළධාරින් සහාභාගිවි සිටන බව දැනුම දීමත් සමග උද්ඝෝෂණයේ යෙදුණු පිරිස හොරොව්පොතාන සභාවේ පැවති සංවර්ධන කමිටුව වැටලීමට කටයුතු කල අතර ඒ වෙනකොටත් කමිටුව අවසන්ව තිබු අතර ඒ අවස්ථාවේ දී ප්‍රදේශීය ලේකම්වරිය හා ගොවිජන සේවා ප්‍රදේශීය නිළධාරි හමුවීමට අවස්ථාව සලසා දීමට පො⁣ලිස් නිළධාරින් කටයුතු කලා.

එහිදී නිළධාරින් හා උද්ඝෝෂකියින් අතර යම් උණුසුම් කතා බහක්ද ඇති වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙහිදි උද්ඝෝෂණයේ යෙදුනු පිරිස තම ගැටලුව ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ වන විය කෘෂිකර්ම ඇමතිවරයා විසින් පොහොර වර්ග හතරක් ලබා දුන් බවට කල ප්‍රකාශයට විරෝධය පෑ අතර ඔව්න් වැඩි දුරටත් පවසා සිටියේ තමන්ට වන්දි මුදලක් ලබා දිය යුතු බවත් මේ වන විට පොහොර නොලෑබී ඇති ගොවිට වන්දි ලබා දීමට කටයුතු කරන ක්‍රමය පැහැදිලි කරන දෙන ලෙසයි.

ඒ අනුව ප්‍රදේශීය ලේකම්වරිය හා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රදේශීය නිළධාරිවරයාද පවසා සිටියේ පොහොර ලබා දීමේ යම් ගැටළුවක් පවතින බව සඳහන් කර සිටියා.

මෙහිදී ලේකම්වරිය සහ ප්‍රාදේශීය විසින් සදහන් කර සිටියේ ගොවීන්ට පවතින ගැටලුව පිළිබඳව ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ගොවීන්ගේ ගැටළුවට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි. තවද මේ වන විට යූරියා පොහොර සඳහා මුදල් බැඳපු ගොවියන්ට පොහොර ලබා නොදුන් පිරිසක්ද සිටින ගොවිජන සේවා නිලධාරිවරයා විසින් ගොවීන් ඉදිරියේ කරුණු පැහැදිලි කරා.

රජයේ නිලධාරීන් ද මේ අවස්ථාවේ සඳහන් කර සිටියේ අධිකාරිය විසින් ගනු ලැබූ තීන්දු තීරණ නිසා රාජ්‍ය නිලධාරින්ද ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි …

උද්ඝෝෂකයන් විසින් ආ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත ලබා ආ දීමට කටයුතු කළ අතර තම වගාවන් වලට නිසියාකාරව වන්දි නොලැබුණහොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග හා උද්ඝෝෂණ ව්‍යාපාර වලට යොමු වන බව පවසමින් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදැසන 10.30 පමන උද්ඝෝෂණය ආරම්භ කල උද්ඝෝෂණ විරෝධතාවය 1.30 පමන අවසන්කොට උද්ඝෝෂකයින් විසිර ගියා අතර උද්ඝෝෂණය කරන අතරවාරයේ නගරයේ වෙළඳ ව්‍යාපාර වසා දමා ප්‍රජාවද ගොවි අරගලයට සහය දැක්වා තිබුනා.

1
2
3
4
5
6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56