AFC Banner
Empty Ad
Empty Ad

වනජීවී නිලධාරීන් පසුපස පැන්නූ අග්බෝට ප්‍රතිකාර කිරීම අරඹයි (වීඩියෝ)

බඳින තුවක්කුවක් පත්තු වී පාදයකට තුවාල ලබා සිටින ‘අග්බෝ’ නැමති ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.

කලා වැව රක්ෂිතයේ  සැරිසරමින් සිටි මෙම ඇතා බඳින තුවක්කුවක් පත්තු වී වම් පාදය බරපතළ ලෙස තුවාල ලබා සිටිනවා.

මෙම සත්වයා ඊයේ දිනයේ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් ඇතුන්ගම – උලගල්ල වැවේ සිටින බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ, අනුව මෙම ඇතාට ප්‍රතිකාර කිරීමට තිරප්පනේ වනජීවී නිලධාරීන් පණ්ඩුලගම පශුවෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ප්‍රතිකාර සිදුකිරීම අරඹා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එහිදී මහත් පරිශ්‍රමයක් දරමින් සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී වනජීවී නිලධාරීන් පසුපස හඹා ආ මෙම ඇතා යළි කැලෑ වැදී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරු ඇතා පසුපස ගොස් පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව සාර්ථව ප්‍රතිකාර සිදුකිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පශුවෛද්‍ය නිලධාරීන් සදහන් කළේ ඇතාගේ පාදය සම්පූර්ණයෙන්ම සුවවන තෙක් නොකඩවා ප්‍රතිකාර සිදුකිරීම් සිදුකරන බවයි.

https://youtu.be/IaIFAj9EKFQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?