වනජීවී නිලධාරීන් පසුපස පැන්නූ අග්බෝට ප්‍රතිකාර කිරීම අරඹයි (වීඩියෝ)

බඳින තුවක්කුවක් පත්තු වී පාදයකට තුවාල ලබා සිටින ‘අග්බෝ’ නැමති ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.

කලා වැව රක්ෂිතයේ  සැරිසරමින් සිටි මෙම ඇතා බඳින තුවක්කුවක් පත්තු වී වම් පාදය බරපතළ ලෙස තුවාල ලබා සිටිනවා.

මෙම සත්වයා ඊයේ දිනයේ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් ඇතුන්ගම – උලගල්ල වැවේ සිටින බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ, අනුව මෙම ඇතාට ප්‍රතිකාර කිරීමට තිරප්පනේ වනජීවී නිලධාරීන් පණ්ඩුලගම පශුවෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ප්‍රතිකාර සිදුකිරීම අරඹා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එහිදී මහත් පරිශ්‍රමයක් දරමින් සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී වනජීවී නිලධාරීන් පසුපස හඹා ආ මෙම ඇතා යළි කැලෑ වැදී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරු ඇතා පසුපස ගොස් පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව සාර්ථව ප්‍රතිකාර සිදුකිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පශුවෛද්‍ය නිලධාරීන් සදහන් කළේ ඇතාගේ පාදය සම්පූර්ණයෙන්ම සුවවන තෙක් නොකඩවා ප්‍රතිකාර සිදුකිරීම් සිදුකරන බවයි.

https://youtu.be/IaIFAj9EKFQ
  1. WENA MONAWADHA ITHIN ANTI BIOTIC HIGE DOSE THMAYI DENNE. EYI EKKAMA PAIN KILLER. EKA NODHEE HITIYNAM SATHA IKAMANTAMA SANEEPA WENAWA. WEDANAWA NIS EHE MEHE AWIDINNE NATHUWA INDHIYI. EYI WAGMA INNA AWATA KEMA WATHURA DAMMA NAM EYA EWA HOYAGENA YANA EKA NAWATHINAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18