වනජීවී අධ්‍යක්ෂගේ අනුමැතියකින් තොරව ඉදිකළ අලි වැට ගලවන ලෙස නියෝගයක්

කුරුණෑගල නාකොලගනේ ප්‍රදේශයේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අනුමැතියකින් තොරව ඉදිකර තිබෙන අලි වැට ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

මෙම නියෝගය පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

නීතිවිරෝධී අලි වැට උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන කැලෑ කැපීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නාකොලගනේ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් වෙත තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නීතිවිරෝධී අලි වැට හේතුවෙන් අලි ඇතුන් සංසරණය වන මාර්ග අවහිර වී ඔවුන් ගම්වලට කඩා වැදී මිනිස් ජීවිතවලට මෙන් ම වගා කටයුතුවලට ද දැඩි හානියක් සිදු කරන බවයි පෙන්වා දුන්නේ.

විහාරාධිපති හිමියන් ව්‍යාජ සන්නසක් උපයෝගී කරගනිමින් කැලෑ ඉඩම් හෙළිකොට ඒවා විවිධ පාර්ශ්වයන්ට වාණිජ කටයුතු සඳහා ලබාදෙමින් සිටින බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?