වතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහි අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලේ

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් ඉකුත්දා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21ක් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම් අද ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අද දින දේශන ඉදිරිපත් කිරීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන මස 04 වනදා දක්වා කල් තැබුවා.

පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළ බවත් එය විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකිරීම තීරණය කළ බවත් පෙත්සම්රුවෝ සඳහන් කර තිබෙනවා.

එම තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?