logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහි අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලේ

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් ඉකුත්දා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21ක් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම් අද ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අද දින දේශන ඉදිරිපත් කිරීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන මස 04 වනදා දක්වා කල් තැබුවා.

පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළ බවත් එය විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකිරීම තීරණය කළ බවත් පෙත්සම්රුවෝ සඳහන් කර තිබෙනවා.

එම තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?