logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

වතු කම්කරු වැටුප් වැඩි කිරීම ගැන පෙත්සමක් විභාගයට දින නියම වෙයි

වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනු කර තිබූ පෙත්සම නොවැම්බර් මස 08 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (26) නියෝග කළා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකාරණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා ගොනුකර තිබෙන බව පාර්ශ්වකරුවන් විසින් අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම නොවැම්බර් මස 8 වනදා විභාගයට ගන්නා බවට දැනුම්දෙමින් විනිසුරු මඩුල්ල විසින් දින නියම කළා.

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කාර වැවිලි සමාගම් කියා සිටියා.

තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව සිදු කරනු ලැබූ මෙම තීරණය නීතියට පටහැනි බවත් එබැවින් අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් එම වැවිලි සමාගම් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?