වතු කම්කරුවෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මෙරට වතු කම්කරුවන් සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වතු කම්කරුවකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබුණා.

මාවතගම, මුවන්කන්ද වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් නමැත්තා විසිනුයි අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය ශත වර්ෂ කිහිපය තිස්සේ මෙරට වතුකම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරිත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බවයි.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ පුරවැසියෙකුට ජීවත්වීම සඳහා ඉඩමක හිමිකාරීත්වය තිබීම ප්‍රධාන අයිතිවාසිකමක් වශයෙන් සඳහන් කර ඇතැයි පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

එහෙත් මෙරට වතුකම්කරුවන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බවත් එහි සඳහන් වෙනවා.

තමා පදිංචිව සිටින මුවන් කන්ද වතුයායේ වතු කම්කරු පවුල් 300ක් පමණ ජීවත් වන අතර ඒ කිසිවෙකුට ලියාපදිංචි තැපැල් ලිපිනයක් නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියා.

මේ නිසා වතුකම්කරුවන්ට තමන් පදිංචි ස්ථානවලට පෞද්ගලිකවම ලිපි ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277 ක වතුකම්කරුවන් ලක්ෂ 4ක පමණ පිරිසක් වාසය කරන අතර ඒ කිසිවකුට පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති බවත් පෙත්සමේ සඳහන්.

ඒ හේතුවෙන් ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබා ගැනීම, විභාග සඳහා ලියාපදිංචි වීම, පාසැල් වලට ළමුන් ඇතුළත් කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම වැනි කටයුතු ඉටු කර ගැනීමේදී වතු කම්කරුවන්ට දැඩි අසීරුතාවයකට මුහුණ දීමට සිදුවන බවත් පෙත්සමේ සඳහන් වනවා.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා වතු කම්කරු පවුල් 244,500 කට අයත් 966,700ක පිරිසක් සිටින අතර මොවුන් මෙම ගැටලුවලට මුහුණ දී පීඩාවට පත්ව සිටින බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා

වතු කම්කරුවන් මෙරට විදේශ විනිමය උත්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන අතර 2021 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 450ක් ද 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක් ද උපයා ගැනීම සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදී තිබෙන බවත් පෙත්සමේ කරුණුවලට ඇතුලත්.

මේ තුළින් වතු කම්කරුවන්ගේ නිවෙස්වලට ලියාපදිංචි තැපැල් ලිපිනයන් ලබා නොදීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම වතුකම්කරුවන් පදිංචිව සිටින ස්ථාන සඳහා ඔවුන්ට පෞද්ගලික තැපැල් ලිපින ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කළ ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?