ඊයේ (06) දහවල් කාලයේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ වෛරම්කට්ටුව ප්‍රදේශයේ දී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරුණු වළකට වැටී කුඩා දරුවෙකු මියගොස් ඇති බවට ආරච්චිකට්ටුව පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මියගිය දරුවා වයස අවුරුද්දක් පමණ වූ වෛරම්කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක් බවයි.
මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1