වතුරෙන් යටවූ ගමක් බේරාගන්නට බාධක නොතකා කැපවූ හමුදා නිලධාරීන්

මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිවී තිබෙනවා.

මෙම ගංවතුර හේතුවෙන් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.

ඉහත ප්‍රදේශවලට බලපෑ හදීසි ගංවතුර හේතුවෙන් පවුල් 32 කට අයත් පුද්ගලයින් 102 දෙනෙකු හට ගම්මානයෙන් පිටතට ගමන් කිරීඹට නොහැකිව තිබුනේ ගංවතුර තත්වයන් සීග්‍රයෙන් වැඩිවීම හේතුවෙන්.

මේ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශ භාර යුදහමුදා නිලධාරීන් පිරිසක් අදාල ගම්මානයට ගොස් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා විපතට පත් වුවන් බේරාගෙන තිබෙනවා.

ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පනික්කන්කුලම්, හින්දුපුරම්, බණ්ඩාරවන්නි,තට්ටයාර්මලෙයි සහ පුලියන්කුලම් ප්‍රදේශයන්වල පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 700කට අයත් පුද්ගලයින් 2000කට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි මුලතිව් ආපදා කළමනාකරණ ඒ්කකය පෙන්වා දෙන්නේ.

image 2
image 3
image 3
image 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?