වතුකරයේ හර්තාල් (ඡායාරූප)

වතු කම්කරුවන්ට දෛනික මුලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක්. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් අද (05) දින වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරිමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කර ඇත.

වතුකරය පුරා වතු කම්කරුවන් අද දින දෛනික වැඩකටයුතු වලින් ඉවත් වි ඇති අතර කිසිදු වතු කම්කරුවෙකු අද දින සේවයට වාර්තා කර නොමැත.

වතු කම්කරුවන්ට රුපියල් දහසක මුලික වැටුපක් ලබා දිය යුතු බවට වතු සමාගම්වලට එරෙහිව දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයකට සමගාමිව වතුකරයේ සියළුම වෙලදසැල් අද දින වසා දමා සහයෝගය දැක්විමට හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, කොටගල, තලවකැලේ ඇතුළු වතුකරයේ නගර වල වෙලද සංගම් කටයුතු කර ඇත.

වතුකරයේ දමිල පාසල් වල ඇතැම් ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කර මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා ඇති අතර, ඇතැම් ගුරුවරුන් පාසල් වල ඉගැන්විම් කටයුතු සදහා පැමිණෙන ආකාරයක් පාසල් ළමුන් පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

වතුකරයේ කෙටි දුර ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථද මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා ධාවන කටයුතු වලින් අද දින ඉවත් වි ඇති අතර ලංගම බස් රථ සහ දුර සේවා පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවනය කටයුතු සිදු කරයි.

නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කර තිබු අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලන නිලධාරින්ගෙන් මෙම හර්තාලයට සහයෝගය දක්වන ලෙසට කල ඉල්ලිමක් මත එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු නතර කිරිමටද එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය කටයුතු කරනු ලැබුවා.

වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු වෘත්තිය සමිති වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡාවක් මේ මස 8 දින කොළඹදි පැවැත්වෙන බවයි වතු සමාගම්වල උසස් නිලධාරින් කියා සිටියේ.

261703 11
261703 11 1
261703 11 1
261703 11 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?