වත්මන් පරපුරේ ආදර්ශවත් තරුණයෙක්

තම මුදල් පසුම්බිය නැති වී පසුව එය අහුලාගත් පුද්ගලය විසින් එහි අයිතිකරු සොයා එය භාර දීමේ පුවතක් අපට වාර්තා වුණා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ රියැදුරෙකු වන වසන්ත කුලතිලක මහතාගේ මුදල් පසුම්බිය ජුනි මස 28 වන දින උදෑසන අස්ථානගත වී ඇති අතර රාජගිරිය – කොටුව(144) පුද්ගලික බස් රියැදුරෙකු වන ගාල්ල නෙලුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වන EG සංජීව මහතා විසින් අහුලාගෙන මුදල් පසුම්බියේ අයිතිකරු සොයා යළි එය භාර දී තිබේ.

මුදල් පසුම්බිය තුල රුපියල් පනස් දහසක් සහ හැඳුනුම්පත,රියදුරු බලපත්‍රය,බැංකු කාඩ් පත ඇතුළු දේ තිබී ඇති අතර එම සියලුම දේවල් සමග මුදල් පසුම්බිය යළි භාර දී ඇත.

අනුන්ගෙ දේවල් කඩාවඩා ගෙන සොරකම් කරන සමයක මෙවැනි උත්තුංග කියාවක් කළ එම රියදුරු මහතා බෙහෙවින් පැසසිය යුතුමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?