වත්තල ෆැක්ටරියක ඉන්දියානුවන් 92කට කොවිඩ්

වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ මහා පරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි සේවකයින් 128 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඞ් ආසාදිතයින් බවට තහවුරුව තිබෙනවා.

හඳුනා ගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් පුද්ගලයින් 92 දෙනෙකු මෙම කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 194 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කර තිබුණා.

මේ වන විට අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති අතර හඳුනාගත් කොරෝනා ආසාදියන් ප‍්‍රථිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇති බවත් කම්හලේ ඉතිරි සේවකයින් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට යොමු කොට ඇති බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?