AFC Banner
Empty Ad
Empty Ad

වත්තලින් හසු වූ මහා ඉන්ධන වංචාව

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හළකට අයත් පමුණුගම පිහිටි අංගනයක සගවා තිබූ ඉන්ධන තොගයක් පොලීසිය විසින් අද (12) සොයාගෙන තිබේ.

එහි තිබී පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ හඳුනානොගත් තෙල් වර්ගයක් පිරවු බවුසර් 04ක් පමුණුගම පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

එම ඉන්ධන ජනතාවට නොදෙමින් සඟවාගෙන සිට තිබූ බවද හෙළිවී ඇත.

මේ අතර පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඔවුන් ඩීසල්වලට භූමිතෙල් මුසුකර සිය පිරවුම්හළ හරහා මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරඇති බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉන්ධන පිරවුම්හළේ හිමිකරුට අයත් බලපත්‍ර 2ක්ද අහෝසි කිරීමට කටයුතු කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?